Saturday, October 19, 2024
Follow Us
අමිත් වීරසිංහ ලබන 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

මහසොන් බලකායේ නායක අමිත් ජීවන් වීරසිංහ ලබන 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ අද එම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ෂලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය එදින නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර මහේස්ත්‍රාත්වරිය විසින් කරන ලද නියෝගය අනුව මෙම සැකකරුට එරෙහිව මහජන ආරක්ෂණ පනත යටතේ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා සනාථ කිරීම සඳහා මේ දක්වා ඉදිරිපත් වී ඇති සාක්ෂිවල සම්පින්ඩනය විමර්ශන නිලධාරීන් අද අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් අමිත් ජීවන් වීරසිංහ සම්බන්ධයෙන් කොළඹ දකුණ දිසා දූෂණ විමර්ශන කොට්ඨාශය විසින් පරික්ෂණ සිදු කරනු ලැබේ.

(Aruna)