Thursday, October 24, 2024
Follow Us

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කලා නිර්මාණ අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතුව විදේශ සංචාරකයන් වෙත ආකර්ෂණය කිරීමේ අරමුණින් 2024 වර්ෂය සඳහා ලක්සලට නිෂ්පාදන සපයන ව්‍යවසායකයන් ලියාපදිංචි කිරීමේ පළමු වැඩසටහන අද (07) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන 2024 සඳහා දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලක්සල ආයතනය වෙත තම නිෂ්පාදන සැපයූ සැපයුම්කරුවන් සඳහා ලබා දීමට තිබූ චෙක්පත් ප්‍රදානය කිරීමට ද මෙහිදී පියවර ගත්තේය.

දේශීය අත්කම් නිර්මාණයන්හි සාම්පල් පරීක්ෂාවද මෙහිදී සිදු කෙරිණි. ලක්සල ආයතයේ අලෙවි අවශ්‍යතා අනුව නිෂ්පාදන මිලදී ගැනීම සිදු කරන බවත් ව්‍යවසායකයන් ගුණාත්මක හා නිර්මාණාත්මක භාණ්ඩ නිෂ්පාදන කළ යුතු බවත් සාම්පල් පරීක්ෂාවේදී සඳහන් කෙරිණි.

මේ අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, අතිරේක දිස්ත්‍රික් ලේකම් රුචිර විතාන, සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි, ලක්සල සභාපති දුෂාන් මානවඩු, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂ (අලෙවි) කැලුම් ජයවර්ධන ඇතිළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.