Thursday, October 24, 2024
Follow Us
ශ්‍රී ලංකා පොලීසියට ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාවක්

ශ්‍රී ලංකා පොලීසියේ නිලධරයන්ගේ වෘත්තීමය දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඒකාබද්ධව ආරම්භ කරන ලද “ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාවේ” (BA in Applied Police Studies) සමාරම්භක උත්සවය ඊයේ (04) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අපරාධ වාර්තා කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරු ඇතුළු ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු ආචාර්යවරු සහභාගී වූහ.

මෙහි දී මෙම උපාධි පාඨමාලාවට සහභාගී වීමට නියමිත ප්‍රථම පොලිස් නිලධාරීන් කණ්ඩායම ලියාපදිංචි කිරීම ද සිදු කරන ලදී. 

මෙම අධ්‍යාපනික ව්‍යාපෘතිය සඳහා උපාධි පාඨමාලාලාභීන් 150 දෙනෙකු සහභාගී වූ අතර ව්‍යාපෘතියේ අපේක්ෂාව වනුයේ වෘත්තීමය සහ ගුණාත්මක පොලිස් සේවාවක් ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත ලබා දීම සඳහා අවශ්‍ය මානව සම්පත නිසි සැලසුමකට අනුව සූදානම් කිරීමයි.