Thursday, October 24, 2024
Follow Us
නව නිලධාරී මණ්ඩලය සහ විදුලිබල ඇමැති අතර සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලයේ සාමාජිකයන් පසුගිය සතියේ දී අමාත්‍යාංශ කාර්‍යාලයට පැමිණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ සුහද කතාබහක නිරත විය.


එම සංගමයේ නව සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරින් පිරිස, ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් තම පූර්ණ සහයෝගය ලබාදීමට මෙන්ම රජය විසින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියට අනුව පුනර්ජනනීය බලශක්ති වැඩසටහන කඩනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ද කටයුතු කරන බව මෙහි දී ප්‍රකාශ කර තිබේ.
මෙහි දී විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රධාන වපසරිය, විදුලි ජනන ප්‍රතිපත්ති සැලසුම්, විදුලිබල මණ්ඩලය සදහා යෝජනා කර ඇති කාර්‍යය සාධනය මත උසස්වීම්, වැටුප් වර්තක සහ ප්‍රසාද දීමනා ලබාදෙන වැඩසටහන මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ කාල රාමුව පිලිබදව සාකච්ඡා කර ඇත.