Thursday, October 24, 2024
Follow Us
Miss Srilanka සහ Mr Srilanka 2023 තරඟාවලිය සාර්ථකව අවසන්

Miss Srilanka සහ Mr Srilanka 2023තරඟාවලිය ඊයේ(03) කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පණීභාරත රංගශාලාවේදී ඉතා සාර්ථකව අවසන් විය. එහිදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 06 දෙනෙකු තෝරා පත්කර ගැණින.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

Mr Universe Srilanka – පසිඳු ප්‍රසාද් ප්‍රියදර්ශන
Mr Worldwide Srilanka-ප්‍රවි ශැල්වටෝ
Miss Worldwide Srilanka – මල්කි දිසානායක
Mr Universe Teen Srilanka – තනූජ කාවින්ද
Mr Grand International srilanka -එවන් තිසේරා
Mr Cosmopolitan srilanka -මොහොමඩ් අබ්දුල්ලා

මෙහි විනිශ්චය සඳහා ආචාර්‍ය වශීර සල්ගමුව,ආචාර්‍ය එදිරිවීර ගුණසේකර, සම්මානනීය නිළි නීටා ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය සම්මානනීය නිළි ගීතා කුමාරසිංහ, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, ප්‍රවීණ නිරූපණ ශිල්පිනී රොසෑන් ඩයස්, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්, නීතිඥ යශාලි අබේසුන්දර, ප්‍රවීණ නර්තන ශිල්පි චන්දන වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වුහ.

තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂ ලෙස නිර්මාල් බණ්ඩාර මහතා කටයුතු කළ අතර, පුහුණුකරු ලෙස ගීතප්‍රිය සමරසිංහ මහතා කටයුතු කළේය. තරඟාවලියේ මාධ්‍ය උපදේශක සහ සම්බන්ධීකාරක ලෙස ආචාර්‍ය එදිරිවීර ගුණසේකර මහතා කටයුතු කළේය.