Thursday, October 24, 2024
Follow Us
සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී

දැනට කැලණිය රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවගේ වන්දනාමාන සඳහා අවස්ථාව ලබා දීමේ අරමුණින් ආගමික පෙරහැරකින් දිවයින පුරා වැඩම කරවීමට නියමිතය.


ඒ අනුව හෙට (03) ආගමික ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය රැගත් පෙරහැර කැලණිය රජ මහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ වී ගංගාරාම විහාරස්ථානය වෙත ළඟාවීමට නියමිත අතර,හෙට (03) සහ අනිද්දා (04) දෙදින තුළ සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා ගංගාරාම විහාරයේ දී ප්‍රදර්ශනය කරනු ලැබේ.

අනතුරුව මෙම ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැප්තැම්බර් 05 වැනි දින කොළඹ ආනන්ද විද්‍යාලයේදීත්, 06 සහ 07 යන දිනවල කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදීත්, 08 වැනි දින කඩුවෙල සංඝ පිටි පුරාණ විහාරස්ථානයේදීත්, 09 වැනිදා පනාගොඩ බෝධිරාජාරාමයේදීත්, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල බෙල්ලන්විල රාජ මහා විහාරයේදීත් සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමට සැදැහැ සිතැති ලක්වාසි ඔබ සැමට ද මින් අවස්ථාව සැලසෙනු ඇත.
මෙම ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවගේ වන්දනාමාන සඳහා සැප්තැම්බර් 03 දක්වා කැලණිය රජමහා විහාරස්ථානයේ දී ප්‍රදර්ශනය කෙරේ.