Thursday, October 24, 2024
Follow Us
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්බව වැඩිකිරීමේ සැසියක්

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්බව වැඩිකිරීමේ සැසියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම සැසිය සංවිධානය කොට තිබිණි.

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එහි සභාපතිනිය වන (විශේෂඥ වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එදින සහභාගී නොවූ හෙයින් එහි සාමාජිකා (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මෙම සැසිය මෙහෙයවනු ලැබුවේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය කිරීම් පිළිබඳ ජාත්‍යන්තර උපදේශිකා නඩේජ් රිච් ( Nadège Riche ) විසිනි. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ආයතනයක් ලෙස පාර්ලිමේන්තුව වඩාත් ප්‍රගතිශීලීව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී ඇය කමිටුවේ අවධානය යොමු කළාය.

ලොව පුරා ආසන්න වශයෙන් බිලියනයක ජනතාවක් කිසියම් ආකාරයක ආබාධිත තත්ත්වයකින් ජීවත් වන බවත් එය ගෝලීය ජනගහනයෙන් 15% ක් නියෝජනය කරන බවත් මෙහිදී ප්‍රකාශ විය.එමෙන්ම අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ආබාධ සහිත පුද්ගලයින්ගෙන් හතරෙන් තුනක් කාන්තාවන් සිටින බව ද මෙහිදී අවධාරණය විය.

රාජ්‍ය අමාත්‍ය (විශේෂඥ වෛද්‍ය) සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන එරාන් වික්‍රමරත්න සහ රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.