Thursday, October 24, 2024
Follow Us
ශ්‍රි ලංකා ගුවන් හමුදා අංක 02 ප්‍රවාහන බලඝණය සිය අභිමාවත් 66 වන සංවත්සර සමරයි

මව්බිමට සිය අභිමානවත් සේවාවක් ඉටුකරනු ලබන C-130 හර්කියුලිස් ගුවන් යානා හා AN 32 (ඇන්ටනෝව්32 ) ප්‍රවාහන ගුවන් යානාවලින් සමන්විත ශ්‍රි ලංකා ගුවන් හමුදා "Heavy Lifters", අංක 2 ප්‍රවාහන බලඝණය සිය 66 වන සංවත්සරය අද (සැප්තැම්බර් 01)  අභිමානවත් අයුරින් සමරනු ලබයි.

වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අණදෙන නිලධාරියකු ලෙස මෙන්ම ගුවන් නියමුකු ලෙස කටයුතු කරනු ලැබු මෙම බලඝණය දේශයේ සුරක්ෂිතභාවය ආරක්ෂාකිරිම සදහා සක්‍රිය දායකත්වය ලබා දි ඇත

1957 සැප්තැම්බර් 01 දින  ප්‍රවාහන සහ මුර සංචාර කටයුතු සිදු කරමින් මෙම බලඝණය කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කරනු ලැබු අතර  Oxford Airspeed, Prestwick Pioneer, De-Havilland Dove ගුවන් යානා සහ රාජකීය ලංකා ගුවන් හමුදාවේ පළමු හෙලිකොප්ටරය වූ S-51 Dragonfly හෙලිකොප්ටරය මෙම බලඝණයට අනුයුක්ත කරන ලදි.  

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් ප්‍රවාහන සේවයේ පුරා වසර 66 ක් විශිෂ්ට සේවාවක් ඉටු කරනු ලැබු අංක 2 ප්‍රවාහන බලඝණය හමුදාමය සහ යුධමය අවස්ථාවන් හිදි මෙන්ම දේශිය හා විදේශියව සිදුවු හදිසි අපදාතත්වයන්හිදි ද තම සක්‍රියදායකත්වය ලබාදෙමින් මානුෂිය ආධාර ප්‍රවාහනය මෙන්ම විදේශියන් හිදි ආපදාවන්ට ලක්වු ශ්‍රි ලංකිකයන් තම රටවෙත ප්‍රවාහනය කිරිම ද සිදු කරමින් දේශයේ ආරක්ෂාව හා උන්නතිය වෙනුවෙන්   අපිරිමිත දායකත්වය ලබාදි ඇත. මෙම බලඝණයේ  පළමු අණදෙන නිලධාරියා ලෙස ෆ්ලට් ලෙෆ්ටිනන් පි එච් මෙන්ඩිස් කටයුතු කරනු ලැබු අතර වර්තමාන වැඩ බලන අණදෙන නිලධාරි ලෙස විංග් කමාන්ඩර් එච්.එම්.එම් සමරකෝන් කටයුතු කරනු  ලබයි.