Thursday, October 24, 2024
Follow Us
සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

ජනාධිපතිවරණ කාල සීමාව තුළ සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.

එයට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව ඔහු සඳහන් කළ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවද සඳහන් කළේය.

(Aruna)