මෙරට ත්‍රිපෝෂ සහ පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා. එවන් පසුබිමක ගැබිණි මව්වරුන් වෙත බෙදා දීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබාදුන් ත්‍රිපෝෂ තොග ආපසු ගෙන්වා ගෙන ඇතැයි වාර්තා පළ වුණා. ඒ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් ත්‍රිපෝෂ සමාගමෙන් විමසීමක් කළා.
එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ එම ත්‍රිපෝෂ තොගයේ කල් ඉකුත් වීමේ දින, තවත් මාස එකහමාරක් දෙකක් ඉදිරියට තිබූ බවයි. එහෙත් නිෂ්පාදනයේදී, මිශ්‍රණයේ සිදුවන යම් අඩු වැඩි වීම් හේතුවෙන් එලෙස නිකුත් කර තිබූ ත්‍රිපෝෂ තොගයේ යම් ඇලෙන ස්වභාවයක් පෙන්නුම් කළ බව ඔහු පැවසුවා.
එබැවින් ගැබිණි මව්වරුන්ට බෙදාදීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබාදුන් ත්‍රිපෝෂ තොග ආපසු ගෙන්වීමට තීරණය කළ බවයි එම ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා සදහන් කළේ. එලෙස බෙදාදීම සදහා නිකුත් කළ ත්‍රිපෝෂ තොග ආපසු ගෙන්වීම මීට පෙර අවස්ථාවලද සිදුව තිබෙන අතර එය විශේෂ කාරණයක් නොවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මීට පෙර ද ත්‍රිපෝෂ තොග ආපසු ගෙන්වනු ලැබූවේ ඒවායේ ආහාරයට නුසුදුසු කිසිදු ගැටලුවක් ඇති වීම හේතුවෙන් නොව මිශ්‍රණයේ ඇති වූ යම් යම් වෙනස්වීම් හේතුවෙන් බවයි ත්‍රිපෝෂ සමාගම සදහන් කළේ. එබැවින් ත්‍රිපෝෂ සමාගමෙන් ත්‍රිපෝෂ පැකට් නිකුත් කරනු ලබන්නේ ආහාරයට සුදුසු ඒවා පමණක් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
මේ අතර ත්‍රිපෝෂ සමාගම උපුටා දක්වමින් නෙත් නිවුස් අද උදෑසන අනාවරණ කළේ ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් මෙරටට ආනයනය කළ බඩඉරිගු බහාලුම් දහයක් ඉකුත් සතියේදීද ප්‍රතික්ෂේප කළ බවයි. ඒ, ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා යොදා ගන්නා නියමිත ප්රමිතීන් එම බඩඉරිගු බහාලුම් දහයේ නොතිබීම හේතුවෙන්.
සාමාන්‍යයෙන් ගැබිණී මව්වරුන් සදහා ත්‍රිපෝෂ සෑදීමට යොදාගන්නා බඩඉරිගුවල අඩංගු උපරිම ඇෆ්ලටොක්සින් ප්‍රමාණය බිලියනයකට කොටස් තිහක ප්‍රමාණයක්. එසේම දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සෑදීමට භාවිත කරන බඩඉරිගුවල අඩංගු විය යුතු ඇෆ්ලටොක්සින් ප්‍රමණය සදහන්ව ඇත්තේ බිලියනයකට කොටස් එකක් ලෙසයි. ඒ අනුව ත්‍රිපෝෂ සෑදීම සදහා නියමිත ප්‍රමිතියෙන් යුත් බඩඉරිගු නොලැබීම හේතුවෙන් මාස අටක කාලයක් තිස්සේ දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය නොකළ බවයි ත්‍රිපෝෂ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
නිසි ලෙස ඇෆ්ලටොක්සින් ප්‍රමාණය පරීක්ෂා කර අදාළ බඩඉරිගු තොග ආනයනය කිරීම සදහා ඇනවුම් කළ ද ඒවා රේගුවෙන් මුදා ගැනීමට දින කිහිපයක් ගත වීම ද ආනයනික බඩඉරිගුවල ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉහළ යාමට හේතුවක්වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන බඩඉරිගුවල ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට පසු අස්වනු තාක්ෂණයේ පවතින දුර්වලතා හේතුවෙන් බවයි මෙහිදී අනාවරණය වූණේ.
Neth