Wednesday, October 30, 2024
Follow Us
මෙවර ලොකු ලූනු ඇස්වැන්න පහතට

ආනයනික ලොකු ලූනුවලට බදු නැති නිසා දේශීය ලොකු ලූනු කුනුකොල්ලෙට


පසුගිය වසරට සාපේක්ෂව යල කන්නයේ දේශීය ලොකු ලූනු ඇස්වැන්න කිලෝග්‍රෑම් ලක්ෂ 10 කින් පමණ පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසයි.

පසුගිය වසරේ මේ කාල සීමාවේ යල කන්නයේ අස්වැන්න ලෙස ලොකු ලූනු කිලෝග්‍රෑම් ලක්ෂ 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් දෛනිකව ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු බවයි එහි වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක සඳහන් කළේ.

නමුත් මෙවර යල කන්නයේ අස්වැන්න ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙන්නේ දේශීය ලොකු ලූනු කිලෝග්‍රෑම් ලක්ෂ 2 ත් දෙකහාමාරත් අතර ප්‍රමාණයකි.

ආනයනික ලොකු ලූනු සඳහා බදු පැනවීමක් සිදු නොකිරීම නිසා දේශීය ලොකු ලූනු අස්වැන්න කුණු කොල්ලයට විකිණීමට ගොවීන්ට සිදුව ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ලොකු ලූණු කිලෝග්‍රෑමයක නිෂ්පාදන පිරිවැය රුපියල් 250 ක් පමණ වුවත් ගොවීන්ට කිලෝග්‍රෑමයක් සඳහා ලැබෙන්නේ රුපියල් 80 ත් 120 ත් අතර මිලක් බවයි.

Aruna