Wednesday, October 30, 2024
Follow Us
සතොසට ගෙන්වූ කන්ටේනර් 48ක සහල් කන්න බැහැ

භාවිතයට ගත නොහැකි සහල් මෙන්න


මේ වසරේ (2022) ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා වූ කාලය තුළදී සතොස විසින් ආනයනය කරන ලද සහල් කන්ටේනර් 48 ක තිබූ සහල් විශාල තොගයක් පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයක පවතින බව අනාවරණය වේ.

මෙම කන්ටේනර්වල තිබූ සහල් කිලෝග්‍රෑම් එක් ලක්ෂ පනස් හය දහසක (1,560,00) තොගයක් මෙලෙස විනාශ වීම හේතුවෙන් ඒවා අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද සතොස ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ආනයනය කරන ලද මෙම සහල් තොග අනුරාධපුර, කුරුණෑගල, වැලිසර සහ රත්මලාන යන තොග ගබඩා සංකීර්ණවල ගබඩා කර ඇත.

සුදු නාඩු, සම්බා, කීරි සම්බා, සුපිරි සම්බා, බාස්මතී ආදී සහල් තොග මෙලෙස භාවිතයට ගත නොහැකි තත්ත්වයක පවතින බව අනාවරණය වේ.

දිලීර ආසාදන, පණු කැදලි සෑදී තිබීම, කුරුමිණියන් විසින් සහල් විනාශ කර තිබීම ආදී කාරණා මත මෙම සහල් තොග පාරිභෝජනයට ගත නොහැකි තත්ත්වයක පවතින බව සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දුගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ඇතැම් සහල් බහාලුම් ආනයනයේදීම ඒවාට හානි වී තිබූ බවය.

Aruna