Wednesday, October 30, 2024
Follow Us
රජයෙන් විදුලිය දන් දුන් පන්සල් 148කට රතු එළි

සූර්ය පැනල ආනයනය ගැටලුවක් වෙලා


මේ දක්වා විදුලිබල මණ්ඩලයෙන් ගෙවන විහාරස්ථාන එකසිය හතළිස් අටක මාසික විදුලි බිලද නොගෙවන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව උපදෙස් දී තිබෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ (20 වැනිදා) පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විදුලි ගාස්තු සංශෝධනය නිසා විහාරස්ථානවල ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රිවරුන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

ඇමැතිවරයා මෙසේද කීවේය.

‘‘ආගමික ස්ථාන 48682කට විදුලිය සම්බන්ධතා ලබාදී තිබෙනවා. එම ස්ථානවලින් මේ දක්වා අය කළේ අඩු මිල ගණන්. ගාස්තු සංශෝධනය නිසා ගැටලුවකට මුහුණ දෙන්නේ ආගමික ස්ථාන 12586යි. ඒකක 30ක් පමණක් මාසිකව පාවිච්චි කරන විහාරස්ථාන 15195ක් ම ගෙවන්නේ රුපියල් 330 යි. විහාරස්ථාන 11151ක් ගාස්තු සංශෝධනනයෙන් පසුවත් ගෙවන්නෙ 1260යි. කලින් රුපියල් 607ක් ගෙවූ විහාරස්ථාන 3852ක් දැන් ගෙවන්නෙ රුපියල් 1860ක් විතරයි. විහාරස්ථාන 5897 ක් ගෙවන්නේ රුපියල් 3990 ක් විතරයි. සමස්ත විහාරස්ථානවලින් විහාරස්ථාන 36000ක් උපරිම වශයෙන් මාසිකව ගෙවන්නේ රුපියල් 3990යි. ප්‍රශ්නයක් නැත්තේ නැහැ. ප්‍රශ්නයක් තිබෙනවා.’’
විදේශ විනිමය නොමැති නිසා සූර්ය පැනල ආනයනය ගැටලුවක් වෙලා. ඒ සඳහා ණය ක්‍රමයක් අනුගමනය කළ හැකිද කියා බලනවා.

Aruna