Wednesday, October 30, 2024
Follow Us
කොළඹ ජාතික රෝහලේ රෝගීන් දැඩි අපහසුතාවයක

වාට්ටුවල රෝගීන් පිරෙයි


කොළඹ ජාතික රෝහල සතුව පවතින සී.ටී. ස්කෑන් යන්ත්‍ර 5න් මේ වනවිට ක්‍රියාත්මක වනුයේ එක් යන්ත්‍රයක් පමණක් බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

මේ හේතුවෙන් හදිසි අනතුරු අංශයේ ස්නායු ඒකකයේ, අපස්මාර ඒකකයේ හා අනෙකුත් වාට්ටුවල ප්‍රතිකාර ලබන සී.ටී. ස්කෑන් පරීක්ෂාවට යොමු කිරීමට සිටින රෝගීන්ට මහත් අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි එම සංගමයේ සභාපති එස්. මැදිවත්ත සඳහන් කරයි.

මේ වනවිට සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන එක්ස්රේ කාමරය තුළ පමණක් බැවින් සී.ටී. පරීක්ෂාවකට යොමු වීමට අවශ්‍ය සියලුම රෝගීන්ව ප්‍රධාන එක්ස්රේ කාමරය වෙත ගෙන ඒමට සිදුව ඇති බව හෙතෙම පැවැසීය.

මේ වනවිට නිවෙස් බලා යාමට සිටින රෝගීන්ට අවශ්‍ය සී.ටී. පරීක්ෂාවන් කර ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් රෝහල් වාට්ටු රෝගීන්ගෙන් පිරී ඇතැයි මැදිවත්ත මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් රෝහල්වලට අලුතින් පැමිණෙන රෝගීන්ව වාට්ටුවලට ඇතුළත් කරගැනීමට නොහැකි ලෙස අධික තදබදයක් මතුව ඇත.

Aruna