Wednesday, October 30, 2024
Follow Us
ජලභීතිකාව වැළකීමට බල්ලො මරයි

ජලභීතිකාව වැළැක්වීමට වැඩසටහනක්


දොඩංගොඩ මිරිස්වත්ත ජාතික පාසලේ දින හතක් පමණ රැදී සිටී ජලභීතිකා ආසාදිත සුනඛයකු ළමුන් සිව්දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු සපාකා ඇති බැවින් සුනඛයින් ඝාතනය කිරීම සහ එන්නත් කිරීමේ වැඩසටහනක් (19) ආරම්භ කල බව දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

දොඩංගොඩ අඹගහකුඹුර ප්‍රදේශයේ ළමයෙකු සමගින් පාසලට පැමිණ ඇති සුනඛයා දින 7 ක් පමණ පාසල තුල රැදී සිට ඇති බවත් එහිදී ළමුන් පිරිසක් සපාකෑම් සහ සීරීම් වලට ලක්ව ඇති බවත් සදහන් වේ.

ඒ අනුව පාසලේ සේවකයෙකු විසින් සත්වයා අදාල නිවසට රැගෙන ගොස් භාරදී ඇති අතර, ඊට දින දෙකකට පසු සුනඛයා මියගොස් තිබේ.

පැවතී සැකය මත සුනඛ හිස කොළඹ සෞඛ්‍ය වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා පරීක්ෂා කිරීමේදී ජලභීතිකා රෝගය ආසාදිත වී ඇති බවට තහවුරුව තිබේ.

ඒ බව දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතින් අදාල විදුහල වෙත දැනුම් දී ඇති අතර, සුනඛයාගේ සපා කෑමට හෝ සීරීමට ලක්වූ අයවලුන් වේ නම් ඉතා ඉක්මනින් ළගම ඇති ප්‍රධාන රජයේ රෝහලට ගොස් එන්නත්කරනය සිදුකරවා ගන්නා ලෙස ලිඛිතව දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුගත් බුද්ධික නිරිඇල්ල පැවසුවේ,

එම සුනඛයාට ජලභීතිකා රෝගය ආසාදිතවී ඇති බවට තහවුරුව තිබෙනවා. සත්වයාගේ සපාකෑමට හෝ සීරීමට ලක්ව ඇති ළමුන් සිව්දෙනෙකු සහ වැඩිහිටියෙකු ප්‍රතිකාර සදහා යොමුකලා. තවත් සපාකෑම් හෝ සීරීම වලට ලක්වූ අයවලුන් වේ නම් ළගම ඇති ප්‍රධාන රජයේ රෝහලට වාර්තා කර මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා එන්නත් කරවා ගන්නා ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දුන්නා. එයට අමතරව ප්‍රදේශයේ සුනඛයින් එන්නත් කිරීම සහ මියගිය සුනඛයාගේ සපාකැමට ලක්වූ සුනඛයින් ඝාතනය කිරීම පොලිසිය සමග එක්ව ආරම්භ කලා. යනුවෙන් පැවසීය .

Aruna