ඩයානාට විරුද්ධව ආනන්ද සාගර හිමි උසාවි යන්න යයි
කංසා ව්‍යාපාරය නීතිගත කරලා ගංජා ගහන්න දීලා මේ රට ගොඩ දාන්න නොහැකි බව ආනන්ද සාගර හිමි පවසයි.
ඩයනා ගමගේට ලංකාවේ අර්ථික රටාව ගැන අවබෝධයක් හූණුබිජුවක තරම්වත් මොලයක් නොමැති බව උන්වහසේ සඳහන් කරයි.
ඩයනාට ද්විත්ව පුරවැසිභාවයක් නොමැති බවත් ඇය ලංකාවේ වීසා බලපත්‍රයක් නොමැතිව සිටින බැවින් ඇයට එරෙහිව නඩු මගට පිවිසෙන් බව උන්වහසේ වැඩිදුරටත් සඳහන් කළේය.
“ඩයනා කිව්වට ගංජා වලින් රට ගොඩදාන්න පුළුවන් කියලා. ගංජා හදන සමාගම් දැන් වැටිලා තියෙන්නේ.ඒ සමාගම් බංකොලොත් වෙලා තියෙනවා.ඔබතුමියට ලංකාවේ අර්ථික රටාව ගැන අවබෝධයක් නෑ.හූණුබිජුවක තරම්වත් මොලයක් නෑ.
කංසා ව්‍යාපාරය නීතිගත කරලා ගංජා ගහන්න දීලා මේ රට ගොඩදාන්න බෑ.
මේ අය හදන්නේ බියර් බොන්න දෙන්න.හන්දිගානේ බාර් අරින්න පාරවල් වල ගංජා ගස්සන්නද.මෙහෙම කියන මෙයාලා ගංජා ගහලද ඉන්නේ..මත්ද්‍රව්‍ය වලින් මිනිසුන්ගේ කායික මානසික ශක්තිය බිදවැටෙනවා.
ඩයනා ගමගේ ඇතුලු පාලකයින් රටේ ඉන්න මිනිසුන් දුර්වල කරලා මිනිසුන් පාලනය කරන්න.සමාජයත් එක්ක පළිගන්න තමා මේ දේවල් කරන්නේ.සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් වන සත්තූ,ජාතික උරුම වගේ දේවල් දියුණු කරන්න.
ඩයනා කියන්නේ බ්‍රිතාන්‍යය පුරවැසිභාවයක් තියෙන කෙනෙක්. එයාට ද්විත්ව පුරවැසිභාවයක් නෑ.ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව කූඨ ලේඛන සකස් කරලා තියනවා.ශෂී වීරවංශට වගේ මෙයාට විරුද්ධවත් අපි උසාවි යනවා.ඩයනා ලංකාවේ ඉන්නේ වීසා බලපත්‍රයක් නැතුව එහෙව් ඩයනාට රාජ්‍ය ඇමති ධූරයක් දුන්නේ කොහොමද කියලා අපි රනිල්ගෙන් අහනවා.මෙයා ඉදිරිපත් කරලා තියෙන්නෙත් හොර උප්පැන්නයක්.
ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වහාම අහෝසි කරන්න ඕනේ අපේ මෙයට විරුද්ධව නඩුමගට යනවා.වහාම මෙයට රජය පියවර ගත්තේ නැත්තන් අපි රජයට විරුද්ධව පාරට බහිනවා.
ඔබතුමිය නයිට් ලයිෆ් එකක් හදන්න කලින් ඔබතුමියගේ ෆැමිලි ලයිෆ් එක හදාගන්න “
Aruna