කිඹුලන් ගහණ ඇළහැර යෝධ ඇළහි පුහුණු වීම් කරලා
බකමූණ සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් හය දෙනෙකු ප්‍රථම වරට සමස්ත ලංකා පාසල් පිහිණුම් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත. ඒ 2022 අන්තර් පළාත් පාසල් පිහිණුම් තරගාවලිය ජයග්‍රහණය කරමින්ය. මෙම දරුවන් කිඹුලන් ගහණ ඇළහැර යෝධ ඇළහි පුහුණු වීම් සිදු කර මෙම ජයග්‍රහණය ලබා ගැනීම විශේෂත්වයකි.
විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරයා මෙන්ම පිහිණුම් පුහුණුකරුද වන තරිඳු රුමේෂ් ධනපාල මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙසේ කියා සිටියේය.
“මේ තරගාවලියට ක්‍රීඩකයන් දොළොස් දෙනෙක් පුහුණු කරලා සහභාගි කළා. අපි මේ පුහුණු වීම් අරම්භ කළේ මීට මාසයකට පමණ පෙරයි. මෙහි තටාකයක් නොමැති නිසා යෝධ ඇළේ පුහුණුවීම් සිද්ධ කරන්නේ. මේ ඇළේ කිඹුලන් ද ඉන්නවා. ඒත් අපි පුහුණුවීම් කරන ප්‍රදේශයේ නම් උන් ගැවසෙන්නේ නෑ. අනිත් ගැටලුව තමයි ඇළේ වතුර වැඩි කාලයට පුහුණුවීම් කරන්න බෑ. පූල් එකේ පුහුණු වෙන්න පොළොන්නරුවට යනවා නම් යම් ලොකු වියදමක් යනවා. වාහනයකුත් අවශ්‍ය වෙනවා. ඉතිං මේ දරුවන්ගේ පුහුණුවීම්වලට ඒ වගේ ප්‍රවාහන පහසුකම සඳහා කවුරුන් හෝ අනුග්‍රහය දක්වනවා නම් මෙයට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්.
මෙම දරුවන්ගේ දෙමාපියන් ගොවිතැනින් ජීවිකාව සරිකරගන්නා අය වෙති. ඔක්තෝබර් තිස්වැනි දින කොළඹ දී පැවැත්වෙන සමස්ත ලංකා තරගවලට යෑමට සූදානම් වුවත් ගමන් පහසුකම් සහ වියහියදම්වලට යම් අනුග්‍රහයක් ලැබෙනවා නම් මේ දරුවන්ට ලොකු සහනයක් බව පාසලේ විදුහල්පතිනි ඉන්දිකා තෙන්නකෝන් කියා සිටියාය.
Aruna