Wednesday, October 30, 2024
Follow Us
විදුලි බලාගාර ආශ්‍රිත ජල සංචිත පහතට

බලාගාරවලට ඉතාමත් ඉක්මනින් ඉන්ධන අවශ්‍යයි


ජල විදුලි බලාගාර ආශ්‍රිතව මේ දිනවල ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙන හෙයින් ජල සංචිත ක්‍රමයෙන් පහළ බැස ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටී.

ඒ අනුව සියයට 85ක්ව පැවති සංචිතය මේ වනවිට සියයට 80 දක්වා පහළ බැස ඇත.

බලාගාර ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ වර්ෂාපතනය පසුගිය සති කිහිපයේ ප්‍රමාණවත්ව ලැබීම හේතුවෙන් සියයට 80 කට ආසන්නව විදුලි නිෂ්පාදනයක් සිදු කළේ ජලයෙන් බවය.

නමුත් මේ වනවිට ජලයද සීමා වීමේ තත්ත්වයක් මතුවී ඇති බව ඔවුහු කියා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ් මෙම ජල සංචිත තව තවත් පහළ යෑමේ අවදානමක් ඇති බැවින් තිබෙන සංචිත ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නිසා ඉතාමත් ඉක්මනින් බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සැපයීම මේ අවස්ථාවේ වැදගත්ම කරුණක් බවය.

Aruna