Wednesday, October 30, 2024
Follow Us
වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ අකාර්යක්ෂමතායෙන් ලබන වසරේ සිට සහල් මිල යළි වැඩිවීමේ අවදානමක්

රජය වී මිලදි ගැනීමේ ක්‍රියාවලිය අත්හැරීම හේතුවෙන් ලබන වසර මුල වනවිට සහල් මිල සීග්‍රලෙස ඉහළ යනු ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ලේකම් ටී බී සරත් පැවසුවේ රජය ප්‍රකාශයට පත් කළ සහතික මිලට වඩා අඩු මුදලකට පෞද්ගලික ව්‍යාපාරිකයින් මේවනවිට වී මිලදී ගන්නා බවයි. කෙසේවෙතත් ව්‍යාපාරිකයින් උපක්‍රමශීලී ලෙස නොවැම්බර් මාසය වනවිට වී මිල ඉහළ දමා සහල් මිල ඉහළ යාමට ඉඩ සලසා ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් මේවනවිට වී කිලෙෘ්වක් රුපියල් 95 කට පමණ මිලදී ගන්නා බව ද සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Neth