Thursday, October 31, 2024
Follow Us
ගොවීන්ගෙන් වී මිළදී ගැනීම, සල්ලි නැතුව ඇන හිටියි

ගොවීන් විසින් වී අස්වනු නෙළමින් ඇතත් රජය විසින් වී මිලදී ගැනීම සිදු නොවන බවට ගොවීන් චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඉකුත් කන්නයේදී වගා කිරීම් සදහා සැලකිය යුතු වියදමක් දැරීමට තමන්ට සිදු වූ බවයි. රජය විසින් සහතික මිලක් ප්‍රකාශයට පත් කළද මේ දක්වා එම මිලට වී මිලදී ගැනීම සිදු නොවන බවයි ගොවීන් පවසන්නේ.

යල කන්නයේ වී වගා කළ ප්‍රධාන දිස්ත්‍රීක්කයක් වන්නේ පොළොන්නරුවයි. එහි වී අස්වනු නෙළීම මේ වන විට සියයට අසූවකින් පමණ අවසන්. එහෙත් වී මිලදී ගැනීම අඩාල වී ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරුවන් පැවසුවේ.

Neth