Thursday, October 31, 2024
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්කම් මෙන්න

ජයග්‍රාහී මුදලින් රෝහල්කට සහ අනෙකුත් ක්‍රීඩාවලටත් උපකාර


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක ස්ථාවර තැන්පතු ඇති බව එහි සභාපති ශම්මි සිල්වා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ආසියානු ක්‍රිකට් කුසලානය මෙරටදී පැවැත්වීමට නොහැකි වුවත් ඊට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබුණු බව ශම්මි සිල්වා සදහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශම්මි සිල්වා මෙලෙස පැවසීය.

“ආසියානු ක්‍රිකට් කුසලානය ලංකාවේ ගැහුවා නම් අපිට වැඩිපුර හම්බවෙන්නේ ඩොලර් මිලියන 2.5යි.”
“වැස්සයි රටේ තිබ්බ අනෙකුත් ප්‍රශ්නයි එක්ක ACC එකම තමයි මෙහෙ ගහන්න බෑ කියන තැනට ආවේ.”
“ඒ අයට බය වුණා ලංකාවට එන්න. නමුත් දැන් අපිට මේකෙන් ඩොලර් මිලියන 4කට වැඩිය වැඩියෙන් ලැබුණා. අපි මේකෙන් හොඳ ලාභයක් ලැබුවා.”
“අපිට ඩොලර් මිලියන 6.5ක් හම්බෙනවා. ඒකෙන් අපි රෝහල්කට සහ අනෙකුත් ක්‍රීඩාවලටත් ලොකු දායකත්වයක් සපයනවා. මොකද ක්‍රීඩා අමාත්‍යාංශයේ සල්ලි නෑ කියලා අපිට කිව්වා.”
“ඔස්ට්‍රේලියන් ටුවර් එකේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් අපිට රුපියල් මිලියන 120ක් විතර හම්බුණා.”
“ක්‍රිකට් බෝඩ් එක පටන් ගත්තු දවසේ ඉඳලා මිලියන 2කට වැඩිය ඩොලර් තිබිලා නැහැ..අපේ ස්ථාවර තැන්පතුවල. දැන් අපේ තියෙනවා ඩොලර් මිලියන 40ක්. මේ අන්තිම අවුරුදු දෙක තුන ඇතුළත එකතු කරපු ඒවා.”

Aruna