Thursday, October 31, 2024
Follow Us
රටේ ආර්ථික තත්ත්වය වනයේ අලින්ටත් බලපායි

අතරමග නවතා දැමූ විදුලි වැට ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කර එය ලබන වසරේ ජූනි මාසයට පෙර අවසන් කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර පැවසුවේ පවතින ආර්ථික ගැටලු හේතුවෙන් විදුලි වැට ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කළ බවයි. විදුලි වැට ඉදිකිරීමට තිබූ සමස්ථ දුර කිලෝමීටර් 6,000 කට ආසන්න ප්‍රමාණයක්. ඉන් කිලෝමීටර් 4,500 ක පමණ ප්‍රමාණයක් මේ වන විටත් සකස් කර අවසන් බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

කිලෝමීටර් 6,000 කට ආසන්න භූමි ප්‍රමාණයක විදුලි වැට ඉදිකිරීම් ආරම්භ කළේ නිසි අධ්‍යනයකින් අනතුරුව බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර සිදුවන වන විනාශය හා මිනිස් ක්‍රියාකාරකම් හමුවේ තවත් වසර 25කින් පමණ මෙරට වන අලි වදවී යාමේ අවධානමක් ඇති බව පරිසරවේදීන් මීට පෙර පෙන්වා දුන්නා. ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පරිසරවේදී පුබුදු වීරරත්න නෙත් නිවුස් වෙත පැවසූවේ වන විනාශය හමුවේ තවත් වසර 10කින් පමණ මෙරට වන ගහණය ද හරි අඩකින් විනාශ වීම ඊට හේතුවන බවයි.

Neth