පැහැර ගැනීම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට
රැකියාවට යමින් සිටි ඇඟලුම් සේවිකාවගේ ගෙල ට තියුණු ආයුධයක් තබා මරණීය තර්ජනය කරමින් මෝටර් රථයකින් පැහැරගෙන යමින් සිටියදී බද්දේගම ප්රදේශයේ දී මෝටර් රථය නවතා අහසට වෙඩි තබා කාන්තාව මුදාගෙන එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි.
එම අවස්ථාවේ දී එක් පුද්ගලයෙක් සන්තකේ තිබූ මන්නයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
කාන්තාව සහ සැකකරුවෙකු ද තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත.
පැහැරගැනීමට ලක්වූ තිස් එක් හැවිරිදි විවාහක කාන්තාව ඊයේ පෙරවරුවේ දික්වැල්ල ප්රදේශයේ ඇඟලුම් ඇගළුම් කම්හලක සේවය සඳහා යමින් සිටියදී සැකකරුවන් දෙදෙනා මෝටර් රථයෙන් ගොස් එම කාන්තාව පැහැරගෙන තිබූ බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව දක්ෂිණ අධිවේගී මාර්ගයට පැමිණ බද්දේගම පිවිසුමෙන් පිටවන අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට රථය පසුපස ආසනයේ සිටින කාන්තාවගේ මුව එක් පුද්ගලයකු අතින් වසා ගෙන වසා ගෙන සිටින අයුරු දැකීම හේතුවෙන් වහා ක්රියාත්මක වූ එම නිලධාරීන් බද්දේගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ට මේ පිළිබඳ දැනුම් දී ඇත.
එ් සමඟම ක්ෂණිකව ක්රියාත්මක වූ රථවාහන අංශයේ නිලධාරීන් බද්දේගම නගරය ආසන්නයේදී මෝටර් රථය නවතා එහි රියදුරු ලෙස සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන පසු පස අසුන පරික්ෂා කිරීමට සූදානම් වු බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී මෝටර් රථයේ පිටුපස දොරවල් අගුලු දා තිබූ බැවින් විවෘත කිරීමට නොහැකි වූ නොහැකිවූ අවස්ථාවේදී පොලිස් නිලධාරින්ගේ මෝටර් රථය තුළ බලද්දි පුද්ගලයකු කාන්තාවක් බලහත්කාරයෙන් රඳවාගෙන තියුණු ආයුධයක් අතැතිව දබර කරමින් සිටින බවට නිරික්ෂණය වීමත් සමගම එම තත්ත්වය පාලනය කිරීම සඳහා එහි සිටි පොලිස් සැරයන්වරයා ඔහුගේ ගිනි අවියෙන් අහසට වෙඩි තැබීමක් සිදු කළ බව පොලිසිය කියයි.
අනතුරුව පොලිස් නිලධාරීන් විසින් පිටුපස දොරවල් වල වීදුරු කඩා විවෘත කර එහි සිටි සැකකරු සහ පැහැර ගත් බව කියන කාන්තාව පිටතට ගෙන රැගෙන ඒමෙන් අනතුරුව තුවාල ලබා සිටි එම කාන්තාව හා සැකකරුවෙකු ප්රතිකාර සඳහා බද්දේගම රෝහල වෙත ඇතුළත් කර තිබේ.
පැහැරගැනීමට ලක්වූ කාන්තාව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සමඟ පවතින අනියම් සබඳතාවයක් මෙම පැහැර ගැනීමට ආසන්නම හේතුව බවට විමර්ශන අනුව පෙනී ගොස් ඇතැයි පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පින්තාරු කටයුතු වල නිරත වලස්මුල්ල පදිංචිකරුවන් වේ.
Aruna