Thursday, October 31, 2024
Follow Us
සක්විති රණසිංහ වරද පිළිගනී

කොළඹ මහාධිකරණය අද දුන් නියෝගය මෙන්න


ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් හෝ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහට බරපතල වැඩසහිත වසර 22ක සිර දඬුවම් (14) නියම කළේය.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසිනි.

එම සිර දඬුවම් ක්‍රියාත්මක කිරීම වසර 5කට අත්හිටුවනු ලැබුවේය.

විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා එකොළහකට ඔහු වරද පිළිගත් හෙයින් එක් චෝදනාවකට වසර දෙක බැගින් චෝදනා එකොළහට වසර 22 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 2,75,000 ක දඩයකට ද ඔහු යටත් කළේය.

මෙම නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගත් සක්විති රණසිංහගේ බිරිඳට ද වසර දෙකක සිර දඬුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා රුපියල් 25,000 ක දඩයක් ද ඇයට නියම කළේය.

Aruna