සැපයුම්කරුවන්ට කෝටි ගණන් ණයයි
කොළඹ ජාතික රෝහලේ මාළු සැපයුම්කරු නේවාසික රෝගීන්ගේ ආහාරවේලට මාළු සැපයීම නතර කර ඇතැයි සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභපති එස්. මැදිවත්ත සඳහන් කරයි. එම සැපයුම්කරුට රුපියල් කෝටි 5ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙවීමට ඇති බැවින් එම මුදල ලබා දෙන තෙක් මෙම සැපයුම් නතරකර තිබේ.
මේ හේතුවෙන් රෝගීන්ට මාස කීපයක් පුරා ආහාර වේලට මාළු වෙනුවට කරවල ලබාදුන් බව ද හෙතෙම පැවසීය.
එමෙන්ම හාල් සැපයුම්කරුට ද විශාල මුදලක් අමාත්‍යාංශය ගෙවීමට ඇති බැවින් ඔහුද මේවන විට හාල් ලබා දීමට මැළිකමක් දක්වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මැදිවත්ත පැවසුවේය.
පෙරේදා (12) දිනයේ දී සැපයුම්කරු හාල් සැපයීම ප්‍රමාද කිරීම හේතුවෙන් නේවාසික රෝගීන්ට උදෑසන 11.30ට ලබාදිය යුතු ආහාර වේල ලබා දී ඇත්තේ දහවල් 1.00ට පමණ යැයි ද මේ හේතුවෙන් ආහාර විශාල වශයෙන් ඉවත දැමීමට සිදු වූ බව ද හෙතෙම පැවසීය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සියලුම රෝහල්වලට ප්‍රසම්පාදන කටයුතු ලබාදී ඇති අතර ඒ සඳහා මුදල්ද ලබාදී ඇති බවයි. එහෙත් රෝහල් කිහිපයක හිඟ මුදල් ගෙවීමට ඇති බව වාර්තා වී ඇතැයිද කොළඹ මහ රෝහලේ මාළු ප්රශ්නය වාර්තා වී නොමැති නිසා ඒ ගැන සොයා බලන බවය.
Aruna