Thursday, October 31, 2024
Follow Us
පුද්ගලයෙක්ට මාසයක් ජීවත් වීමට අවශ්‍ය මුදල

ජූලි නිල දරිද්‍රතා රේඛා සටහන එළියට


එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම (Minimum Expenditure per person per month to fulfill the basic needs) රු. 13,138 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කරයි.

2022 ජූලි මාසයට අදාළව පුද්ගලයෙක්ට මාසයක් ජීවත් වීමට අවශ්‍ය මුදල නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කළේය.

ජාතික අගයක් වශයෙන් දක්වා ඇති මෙම අගය පසුගිය 2022 ජූලි මාසයේ සඳහන් කර තිබූ රු. 12,444 ට වඩා 5.57% ක ඉහළ යාමකි.

මේ අනුව 2022 ජූලි මාසයේ අගය අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් තුළ සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය මුදල් රු. 52,552 කි. කොළඹ දිස්ත්‍රික්කය තුළ නම් එය රු. 56,676ක් වනු ඇත.

මෙම අගය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙනවෙනම ගණන් බලා ඇති අතර ඒ අනුව වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වෙන පුද්ගලයෙකු හටයි. එය රු. 14,169 කි.

මෙහි අවමය ලෙසින් මොණරාගල දිස්ත්‍රික්කය දක්වා ඇති අතර එම දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ දැරීමට සිදුවන අවම වියදම රු. 12,562 කි.

2022 ජූනි මාසයේ දී මෙම අගයයන් දැක්වුණේ කොළඹ රු. 13,421 ක් හා මොණරාගල රු. 11,899 ක් වශයෙනි.

නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුව පෙර මාසයට සාපේක්ෂව 2022 ජුලි මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය බව ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.

Aruna