ආසියානු ක්‍රිකට් ශූරයින් දිවයිනට
06 වන වරටත් ආසියානු ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියේය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බානුක රාජපක්ෂ පැවසුවේ,
“ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් වැටිලා සිටින මොහොතක මිනිසුන්ගේ ඔලුවට නිදහසක් දෙන්න ලැබීම ලොකු සතුටක් “ බවයි.
මේ අතර එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වනිඳු කියා සිටියේ,
“ලෝක කුසලානයට සති දෙකකට කලින් ඔස්ට්‍රේලියාව බලා පිටත් වෙනවා. අපිට එහෙ කෑම්ප් එකක් තියෙනවා. ඒක ගොඩක් ලොකු දෙයක් වෙයි ඔස්ට්‍රේලියාවේ තනතීරුවලට හැඩ ගැහෙන්න සහ ඒවා භාවිත කරන්න. අපිට ගොඩක් ලොකු දෙයක් වෙයි ඔස්ට්‍රේලියා තනතීරුවල පන්දුවට පහරදෙන්න ඕනේ සහ පන්දුවට පහරදෙන්න ඕනේ කියන එක ගැන දැනගන්න. විශේෂයෙන්ම ලෝක කුසලානයට කලින් මේ වගේ ආසියානු තරගාවලියක් තිබුණ එක ටීම් එකක් විදියට අපිට ගොඩක් ලොකු දෙයක්. අපි තරගාවලිය ජයග්‍රහණය කරලා, ජයග්‍රාහී මානසිකත්වයෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත් වෙන්නේ. ඒක අපිට ගොඩක් ලොකු දෙයක්.”
“ක්‍රීඩාලෝලීන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මොකද ඇත්තටම ඩුබායිවල අපි තරග ක්‍රීඩා කරද්දි ඒ රටේ දී ඒ වගේ සහයෝගයක් ලැබුණා. ඒකට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම ලංකාවේ ඉඳන් තරගය නරඹපු හා ලංකාවේ ෂෝෂල් මීඩියාවලින් ලබාදුන්න සහයෝගය ඇත්තටම ගොඩක් වටිනවා. අපි පළමු තරගය ඇෆ්ගනිස්තානයට පරාජය වුණත් සමහර තැන්වලදි සමහරු දේවල් කිව්වා. නමුත් ක්‍රීඩාලෝලීන් වචනයකින්වත් අපිට මුකුත් කිව්වේ නෑ. එයාලා අපිව මාර විදියට දිරිමත් කළා තරගය ජයග්‍රහණය කරන්න. ක්‍රීඩාලෝලීන් අපිත් එක්ක හිටපු නිසා තමයි මේ තරගාවලිය මේ විදියට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ.” යනුවෙනි.
Aruna