රට තුළ පවතින ඖෂධ හිඟයට හේතුව ඖෂධ සැපයීමට අදාළ ආයතනවල කාර්්‍යක්ෂමතාව අඩුවීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ අදාළ සියලු ම පාර්ශව එක්කර ඖෂධ සැපයීම සඳහා නිසි යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවයි.
රට තුළ පවතින ඖෂධ හිඟය හේතුවෙන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් වෛද්‍ය චමිල් විජේසිංහ මෙහිදී කරුණු දැක්වුවා.
තොග අවසන්වූ ඖෂධ ලබාගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ තවත් ඖෂධ කිහිපයක තොග අවසන් වනු ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් තිලකරත්න පැවසුවේ එම ඖෂධ නැවත ලබාගැනීම සඳහා විධිමත් වැඩපිලිවෙලක් නොමැති බවයි.
මේ අතර ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන්ව තිබියදීත් ඖෂධ හිඟයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් ඊට අදාළ අංශ වගකිවයුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී කියා සිටියේ.
Neth