බේකරි කර්මාන්තය අද කඩා වැටිලා
බේකරි කර්මාන්තය දිගින් දිගටම කඩා වැටීම නිසා කර්මාන්තයේ නියැළි බොහෝ පිරිසක් විදෙස් රැකියාවලට ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
වෙළෙඳපොළේ තිරිඟු පිටි මිලෙහි කිසිදු අඩුවීමක් සිදුවී නැතැයිද,මේ නිසා බේකරි කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද,බේකරි නිෂ්පාදන අලෙවිය පහත වැටී ඇතැයිද එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසීය.
අද වනවිට චූන් පාන් රථ ධාවනය විශාල ලෙස අඩුවී ඇතැයිද ඔහු කීවේය.
ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් වලින් තිරිඟු පිටි නිකුත් කරනු ලබන්නේ බේකරිවල අවශ්‍යතාවයෙන් සියයට 25 ක ප්‍රතිශතයක් පමණක් බවද සභාපතිවරයා පවසයි.
කුඩා පරිමාණ බේකරි විශාල ප්‍රමාණයක් මේවනවිට වැසී ගොස් ඇතැයිද,කර්මාන්තයේ නිරතව සිටි අය විදෙස් රැකියා ඉල්ලුම් කරමින් සිටින බවත්,ඇතැමුන් මේ වනවිට විදෙස් ගතව ඇතැයිද සභාපතිවරයා කියයි. පුද්ගලික වෙළෙඳුන් විසින් තුර්කිය ඇතුළු රටවලින් තිරිඟු පිටි ආනයනය කරන බව පැවසුවත්,තිරිඟු පිටි මිලෙහි අඩුවක් සිදු නොවනු ඇතැයිද ඔහු කීවේය.
Aruna