දමිතාට රට යන්න තහනම් කරයි
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇප මත නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඇය අද (12) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදුන් බව අප වාර්තාකරු පැවසීය.
දමිතා අබේරත්නට විදේශගතවීම තහනම් කරමින්ද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ චෝදනාවට ඇයව අත්අඩංගුවට ගැනුණි.
Aruna