අක්කරයක මිරිස් වගාකර රු ලක්ෂ 74ක් උපයා ගන්න පුළුවන්
මේ වසරේ (2022) ජනවාරි මාසයේ ජූලි මාසය දක්වා වූ මාස හතක කාලය තුළදී රුපියල් කෝටි 2800ක මිරිස් ආනයනය කර ඇතැයිද, මෙලෙස ආනයනය කෙරෙන්නේ මෙරට භාවිතය පවා තහනම් කර තිබෙන උග්‍ර විෂකාරක සහිත රසායනික වර්ග යෙදූ මිරිස් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
එම කාලය තුළදී ආනයනය කර තිබෙන මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,556 කි.
ඉදිරි වසර දෙක තුළ මෙරට මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 80 ක් මෙරට තුළම නිපදවීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 20ක් සැපයීමට තමන් සූදානම් බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිස් වගා කර ඇති ගොවීහු පවසති. ඔවුන් මේ බව කියා සිටියේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් අනුරාධපුර යකල්ල, කැටකාල, තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයක වගා කර ඇති මිරිස් වගාබිම් නිරීක්ෂණය කළ අවස්ථාවේදීය.
මාස හයක කාලයක් තුළ අක්කරයක මිරිස් වගාකර රුපියල් ලක්ෂ 74 ක ආදායමක් උපයාගත හැකි බවද ගොවීහු කියා සිටිති.
මෙරට තුළ ඉතාමත් සාර්ථකව මිරිස් වගා කිරීමට හැකියාව පැවතුනද රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 60 කට වඩා තවමත් ආනයනය කරන බව කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය.
Aruna