පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ළහිරු වීරසේකරට මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබෙනවා. ඔහු රුපියල් ලක්ෂ දෙකක පුද්ගල ඇපයක් මත මුදාහරින ලෙසයි මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලහිරු වීරසේකර අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඇප නියමවූ ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි කොළඹ ජාතික රෝහලේ ජේෂ්ඨ ප්රකාශිකාවක් නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.
මරදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ළහිරු වීරසේකර ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාරේදීයි. ඒ, පසුගිය අගෝස්තු 30 වනදා උද්ඝෝෂණ පෙළපාලියක් අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාලවයි.
Neth