Thursday, October 31, 2024
Follow Us
අරගලයෙන් බන්ධනාගාරයට ගිය සැණින් දමිතා, රෝහලට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රංග ශිල්පීනි දමිතා අබේරත්න බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ ඇය කාන්තා අංශයේ රැඳවු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඉන් අනතුරුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට පැමිණි වැලිකඩ බන්ධනාගාර රෝහල් වෛද්‍යවරියක් නිර්දේශ කර ඇත්තේ දමිතා අබේරත්න රෝහල් ගත කරන ලෙසයි. ඒ අනුව බන්ධනාගාර නිලධාරීනියන් විසින් දමිතා අබේරත්න වැලිකඩ කාන්තා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ සඳහා බන්ධනාගාර මූලස්ථානයේ ඉහළ නිලධාරියෙකු ද මූලිකත්වය ගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

සාමාන්‍ය රැඳවියෙකු අසනීප වු විට කඩිනමින් රෝහලට යොමු කිරීමක් සිදුවන්නේ නැහැ. එවන් පසුබිමක් තුළ දමිතා අබේරත්න බන්ධනාගාර ගත කර ඉතා කෙටි කාලයක් තුළ රෝහල් ගත කිරීමට කටයුතු කර තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

ජනාධිපති කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවී එහි දේපලවලට හානි කලේ යැයි සැකපිට පොලීසිය විසින් දමිතා අබේරත්නට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඇය ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

Neth