Thursday, October 31, 2024
Follow Us
මන්දපෝෂණ වාර්තා ගැන වෛද්‍යවරුන්ගෙන් අනාවරණයක්

මෙරට ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල විසින් නිකුත් කළ වාර්තාව පිළිගත නොහැකි බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ද පවසනවා. එහි සභාපති වෛද්‍ය පී හේවාගමගේ සඳහන් කළේ යම් සංවිධානයක් එවැනි වාර්තාවක් නිකුත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමෙන් යම් කිසි සමීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

අවසන් වසර 05 තුළ නිකුත් කළ ජාත්‍යන්තර වාර්තා සැලකිල්ලට ගැනීමේදී මෙරට දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බවට කිසිසේත‘් පිළිගත නොහැකි බවයි රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී හේවාගමගේ වැඩිදුරටත් සඳහන් කළේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය ද මෙරට ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල විසින් නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී ඔහු සඳහන් කළේ එවැනි වාර්තාවක් නිකුත් කිරීමට නම් ඒ සම්බන්ධයෙන් මනා අධ්‍යනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බවයි.

Neth