Thursday, October 31, 2024
Follow Us
මෙරට දරු උපත්වල කැපීපෙනෙන අඩුවීමක්

දරු උපත් අඩුවීම ගැන පරීක්ෂණයක්‍


පසුගිය වසර දහයේදි වසරකට සිදුවන දරු උපත් සංඛ්‍යාව දස දහසකින් පමණ අඩුවී ඇතැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් පැවසීය.

ඊයේ (07) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධව වෛද්‍යවරු පරික්ෂණයක් සිදුකරමින් සිටින බවයි.

සාමාන්‍යයෙන් වසරකට මෙරටදී දරු උපත් ලක්ෂ තුනක් පමණ සිදුවන බවත් ඉන් පසුගිය දස වසර තුළදි දරු උපත් දස දහස බැගින් මෙලෙස අඩු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

Aruna