Thursday, October 31, 2024
Follow Us
කොළඹ කොටස් වෙළෙඳපොළ හදිසියේ ගත් තීරණය

ලබන 15 වැනිදා සිට කොටස් වෙළෙඳපොලේ වෙනසක්


කොළඹ කොටස් වෙළෙඳපොලේ ගණුදෙනු කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ඒ කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොටස් තැරැව්කාර සමාගම් හි උපදෙස් මතයි.

ඒ අනුව සැප්තැම්බර් මස 15 වැනිදා සිට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දීර්ඝ කෙරෙනු ඇත.

පූර්ව වෙන්දේසි සැසිය – පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා

විවෘත වෙන්දේසිය – පෙරවරු 10.00

දෛනික ගනුදෙනු – පෙරවරු 10.00 ට ආරම්භ වේ.

ගනුදෙනු අවසානය – පස්වරු 12.30

මේ අතර මෙතෙක් පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැය 2ක කාලයක්ව තිබූ කොටස් වෙළෙඳපොළ නිත්‍ය ගනුදෙනු සැසිය පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා පැය 2 1/2 ක් දක්වා කාලයකට දීර්ඝ වනු ඇත.

Aruna