වැලිගම නගර සභාවට අයත් උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට අනවසරයෙන් ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනෙකු දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා රක්ෂක අධිකාරියේ අවධානය යොමුවී තිබෙනවා.
එහි සභාපති ජේ්යෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් එම ප්රදේශය භාර දිස්ත්රික් හා ප්රාදේශීය ළමා රක්ෂක නිලධාරීන්ගෙන් වාර්තාවක් කැදවන බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන්ගේ පාර්ශවයෙන් ළමා රක්ෂක අධිකාරියට පැමිණිල්ලක් සිදු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි මෙහිදී ප්රකාශ කෙරුණේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැලිගම නගර සභාවේ සභාපති යමුනා කාන්තිගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඇය සදහන් කළේ එම සිසුන් සමග වයස අවුරුදු 50 ක පමණ වන හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකුද සිටි බවයි. නගර සභාව ආසන්නයේම පදිංචි එම සිසුන් දණගැස්වූ බවට එල්ල කරන චෝදනා ප්රතික්ෂේප කරන බවද ඇය සදහන් කළා.
නගර සභාවට අයත් උත්සව ශාලාව අවට සිටින පිරිසක් විසින් මීට පෙර සිටම එම ස්ථානයට ඇතුළු වී බලහත්කාරයෙන් ආහාර රැගෙන යන බවට පැමිණිලි රැසක් ලැබී තිබුණ බවයි වැලිගම නගර සභාවේ සභාපති සදහන් කළේ.
ඒ අනුව අදාළ පුද්ගලයා ඇතුළු සිසුන් පිරිස සිය සේවකයින් විසින් අල්ලාගෙන පොලීසියට භාරදුන් බවයි වැලිගම නගර සභාවේ සභාපති යමුනා කාන්ති වැඩිදුරටත් සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇතැයි නෙත් නිවුස් කළ විමසීමකදී පොලීසිය සදහන් කළා.
Neth