Thursday, October 31, 2024
Follow Us
ඉන්ධන අර්බුදය විසඳෙයි

සපුගස්කන්ද යමරෙට වැඩ


සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් මේ වන විට දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1200 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1000 ක් බැගින් නිෂ්පාදනය කර වෙළෙඳපොලට ඉදිරිපත් කරන බව එම පිරිපහදුවේ නිලධාරියෙකු අරුණ කළ විමසුමකදී පැවසුවේය.

එමෙන්ම දිනකට භූමිතෙල් මෙට්‍රික් ටොන් 500ක් ද පිරිපහදුවෙන් නිකුත් කෙරෙනු ලැබේ.

ඔහු පෙන්වා දුන්නේ මේ වන විට කිසිදු ගැටලුවකින් තොරව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු සිදුවන බවය.

ඉන්ධන අර්බුදය අවසන් කිරීමේ අරමුණින් පිරිපහදුවේ නිෂ්පාදනය ඉහල නැංවීමට කටයුතු කරන බවත් මින් පෙර පැවති ආකාරයටම පිරිපහදුව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වන බව හෙතම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Aruna