Thursday, October 31, 2024
Follow Us
සමාගම් දෙකකින් ඩොලර් මිලියන ගානක පොල්ලක්

ලාභ ලබන බහුජාතික සමාගම් ගැන ආණ්ඩුවේ උණුවීම ගැන ජවිපේ ප්‍රශ්න කරයි


රටේ පවතින ආර්ථික අර්බුධය හමුවේ පවා දැවැන්ත ලාභ ලබන බහුජාතික සමාගම් දෙකක් ත්‍රිකුණාමලය වරායේ තටාංගන ගාස්තු ඩොලර් මිලියන 17.65 ක් ගෙවා නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මේ සම්බන්ධයෙන් රජය පියවර නොගන්නේ මන්දැයි යන්න පැහැදිලි කරන ලෙස අද(06) ත්‍රිකුණාමලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුන් ඉල්ලීමක් කළේය.

වරාය පොදු සේවක සංගමය හා ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධව මෙම මාධ්‍ය සාකච්ඡාව කැදවා තිබුණි.

මෙම දැවැන්ත වංචාව 2003 වසරේ සිට 2021 දක්වා සිදුවන බවත් මෙම වංචාව පිටුපස රජය හෝ වරාය අධිකාරිය සිටින්නේ දැයි විමර්ශනයක් පැවැත්විය යුතු බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් සංවිධායක අරූන් හේමචන්ද්‍ර සඳහන් කළේය.

Aruna