හැටපස් හැවිරිදි සැකකරුට ජනතාවගෙන් රිටන් එකක්
බස්රථයක ගමන්කරමින් සිටි දෙදරුමවක් ලිංගික අපයෝජනයට ලක්කළ හැටපස් හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු ඊයේ (05) පස්වරුවේ දි බස්රථයේ සිටි මගින් විසින් ගාල්ල වරාය පොලිසියට භාරදි ඇත.
තිස් හැවිරිදි වියේ පසුවන මෙම දෙදරු මව ගාල්ලේ සිට බස් රථයකින් තම නිවස බලා ගමන් කරමින් සිටියදි මෙම සිද්ධියට මුහුණ පා ඇත.
ඇය බස්රථයේ අසුන්ගෙන සිටියදි ඇය අසලට පැමිණි සැකකරු මෙම දෙදරුමව ලිංගික අපයෝජනයට ලක්කොට ඇති අතර පසුව ඇය බසයේ සිටි මගින්ට මේ බව දැනුම් දි ඇත.
මගින් විසින් සැකකරු අල්ලා මාගොල්ල ප්රදේශයේ දි පොලිසියට භාරදි ඇත.
මෙලෙස පොලිසියට භාරදි ඇති සැකකරු අහංගම ප්රදේශයේ පදිංචිකරුවෙකි
සැකකරු අද (06) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
Aruna