Thursday, October 31, 2024
Follow Us
වී අළෙවි මණ්ඩලයේ ප්‍රමාදයෙන් පුද්ගලික ව්‍යාපාරිකයින් වාසි ලබන බවට ගොවීන්ගෙන් චෝදනා

වී අළෙවි මණ්ඩලය මගින් ගොවීන්ගෙන් දැනට මිලදී ගෙන ඇති වී තොග සදහා සම්පූර්ණ ගෙවීම් මෙතෙක් සිදුකර නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ ගොවීන් වී අළෙවි මණ්ඩලය වෙත වී ගෙන ඒම අධෛර්්‍යමත් වන ආකාරයෙන් ඇතැම් නිලධාරීන් කටයුතු කරන බවයි.

මෙම තත්ත්වයෙන් ප්‍රයෝජනය ගනිමින් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් අඩු මිලකට වී මිලදි ගැනීම සදහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

මේ වනවිට රජයේ සහතික මිලටත් වඩා අඩු මිලකට වී අළෙවි කිරීමට බොහෝ ගොවීන්ට සිදුවී ඇති බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන්ද විමසීමක් කළා. අමාත්‍යවරයා කියාසිටියේ වී අළෙවි මණ්ඩලය ගොවීන්ගෙන් මිලදී ගෙන ඇති වී තොග සදහා කළයුතු ගෙවීම් මෙම සතිය ඇතුළත ගෙවා අවසන් කරන බවයි.

Neth