මහඔයේ ඉහළ ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් එම ගංගා ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මහඔයේ ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.
මෙම තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සදහා දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසද එම ප්‍රදේශවල ජනතාවගෙන් සහ අදාළ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර.
කැළණි ගඟේ පහත්බිම් ප්‍රදේශවල මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර වැඩිදුරටත් සදහන් කළා.
Neth