Thursday, October 31, 2024
Follow Us
ඩොලර් වලින් ගෙවල් ගන්න අයට වට්ටමක්

ඩොලර් අර්බුදයට රජයෙන් අලුත් වැඩක්


ඩොලර් භාවිත කර නිවාස මිලදී ගන්නා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රමිකයන්ට වට්ටමක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

මෙලෙස ඩොලර් භාවිත කර නිවාස මිලදී ගන්නා පුද්ගලයින්ට 10%ක වට්ටමක් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරියේ කළමණාකරණ මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මේ වනවිට වැඩ අවසන් කර ඇති මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති දෙකක් වන බොරැල්ල ඕවල් වීව් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 608 කින් සමන්විත අතර, අංගොඩ ලේක් රෙස්ට් ව්‍යාපෘතිය නිවාස ඒකක 500 කින් සමන්විතය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රමිකයින් සඳහා මෙම නිවාස ඩොලර් භාවිත කර මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

Aruna