Thursday, October 31, 2024
Follow Us
ගං වතුර අනතුරු ඇඟවීමක්

අද රාත්‍රියෙත් තද වැසි


ඉදිරි පැය 24 තුළ අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ද්‍රෝණිවල ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කාලගුණ පුරෝකථනයන්ට අනුව අද (05) රාත්‍රී සිට ඉදිරි පැය 24 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ අනුව ඉහත ගංගා ද්‍රෝණිවලට දැඩි වර්ෂාපතනයක් ඇති වුවහොත් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවත්ය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ගංගා අතු ගංඟා භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙනු ලබයි.

Aruna