Thursday, October 31, 2024
Follow Us
කජු මද කිලෝවක මිල මෙන්න

කජු සංස්ථාවට සල්ලි වැස්සක්


කජු සංස්ථාව මේ වසරේ වැඩිම ආදායම ඉකුත් අගෝස්තු මාසයේදී වාර්තා කර ඇත.

කජු මද අලෙවි කිරීමෙන් ඉකුත් අගෝස්තු මාසයේදී රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂයක ආදායමක් උපයා ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාරංගා රත්නායක පැවසුවාය.

මීට පෙරදී කජු මද අලෙවියෙන් වැඩිම ආදායමක් උපයා ඇත්තේ ඉකුත් මාර්තු මාසයේදීය. එම මාසයේදී රුපියල් එක්කෝටි දාසය ලක්ෂයක ආදායමක් උපයා ඇත.

කජු මද කිලෝවක් සංස්ථාව විසින් අලෙවි කරනු ලබන්නේ රුපියල් 5700 කට වන අතර, පුද්ගලික කජු අලෙවි සැල්වල කජු මද කිලෝවක් රුපියල් 9000 කට පමණ අලෙවි කෙරේ.
ඉකුත් වසර පහක කාලය තුලදී කජු මද අලෙවියෙන් වැඩිම ආදායමක් උපයා ඇත්තේ ඉකුත් වසරේ (2021) දෙසැම්බර් මාසයේදීය. එම මාසයේදී එක්කෝටි හතළිස් අට ලක්ෂයක ආදායමක් උපයා තිබේ.

Aruna