Thursday, October 31, 2024
Follow Us
ඉන්ධන පිරවුම් හල් 400ක් වැසෙයි?

නව ගෙවීම් ක්‍රමය ගැටළු සහගතයි


ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමේ තත්ත්වයක් මතුව ඇතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වාදුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් බව එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ පැවසීය.

ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් වූ ඇණවුම් සඳහා මුදල් ඉන්ධන අවශ්‍ය දිනයට පෙර දින රාත්‍රී 9.30ට පෙර ගෙවා අවසන් කළ යුතුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඒ ආකාරයකට මුදල් ගෙවීම අපහසු බවද ඔහු සදහන් කරයි.

නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන ලබාගැනීමේ ගැටලුව හේතුවෙන් බොහෝ ඉන්ධන හල් තුළ ඉන්ධන නොමැති තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන හල් අසළ දිගු පෝලිම්ද නිර්මාණය වී තිබේ.

ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වල ද එවැනිම ගෙවීමේ යාන්ත්‍රණයක් ඇතත් ඔවුන්ට ගෙවීම් අවසන් කිරීම සඳහා මධ්‍යම රාත්‍රිය තෙක් කාලය ලබා දී ඇති බව කුමාර් රාජපක්ෂ පෙන්වා දෙයි.

Aruna