Thursday, October 31, 2024
Follow Us
වක්‍ර බදු ඉහළ දැමීමෙන් ව්‍යාපාර කඩා වැටීමේ අවදානමක

වක්‍ර බදු ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ලවන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ ව්‍යවසායකයන්ට ඉදිරියේදී සියයට 22 කට ආසන්න වක්‍ර බදු ගෙවීමට සිදුවන බවයි.

වැට් බද්ද සියයට 12 හේ සිට සියයට 15 දක්වා ඉහළ දැමීම හා වක්‍ර බදු හේතුවෙන් ඉදිරියේදී සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වන බවයි සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංසදය ද පැවසුවේ. නිසි අධ්‍යනයකින් තොරව බදු ඉහළ දැමීමට රජය තීරණය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වන බවයි එම සංගමයේ සභාපතිී ටානියා අබේසුන්දර.

Neth