Thursday, October 31, 2024
Follow Us
අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 50 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය හා කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මේ අතර මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සැප්තැම්බර් 07 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දහවල් 12 යි 09 ට තලාහේන, පින්දෙනිය, අරුක්වත්ත, කරගහවෙල සහ කිවුලගම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Neth