Thursday, October 31, 2024
Follow Us
තවත් වෙඩි තැබීමක්

උණ්ඩය අරන් ගිය ජීවිතය


පිටිගල තල්ගස්වල ප්‍රදේශයේදී ඊයේ (03) සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි තල්ගස්වල පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ඊයේ සවස නිවස ආසන්නයේ ඇති නගරයට ගොස් නැවත යතුරුපැදියෙන් සිය නිවසට පැමිණෙමින් සිටියදී පාලු ප්‍රදේශයක සැඟව සිටි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල වු මෙම පුද්ගලයාව ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී ඔහු මිය ගොස් ඇත.

මෙම පුද්ගලයා මුදල් පොලීයට ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටත් පොලීසිය සැක කරයි.

සැකකරු සම්බන්ධයෙන් කිසිදු හඳුනාගැනීමක් මෙතෙක් සිදුකර නොමැති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පිටිගල පොලීසිය සිදුකරයි.

Aruna