ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඥාතීයෙක්
සත් හැවිරිදි දරුවෙකුට තියුණු ආයුධයකින් කපාකොටා දරුණු ලෙස කැපුම් තුවාල සිදුකළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය ඊයේ(01) වාර්තා වී තිබුණේ බදුල්ල කන්දකැටිය ප්‍රදේශයෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කන්දෙකැටිය පොලීසිය පැවසුවේ දරුවාට මෙලෙස ප්‍රහාර එල්ලකර ඇත්තේ ඔහුගේ ඥාතී සීයා කෙනෙකු බවය.
වයස අවුරුදු 50ක් පමණ වන මොහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවට තොරතුරු ලැබී ඇති බවත් කන්දෙකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ සැකකරුට කිසිඳු මානසික රෝගී තත්ත්වයක් නොමැති බවත් විවිධ පුද්ගලයින් බය කරමින් ඔහු ජීවත් වෙන බවය.
මෙම පුද්ගලයා කැත්තක් අතැතිව සිටියදී ඊයේ පස්වරුවේ පොලීස් අත්අඩංගුවට ගැනුණි.
බරපතළ කැපුම් තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කළ දරුවා බේරාගැණුනේ පැය 7ක ශල්‍ය කර්මයකින් අනතුරුවය.
බදුල්ල කන්දකැටිය වෙන්දේසියාය ප්‍රදේශයේ පදිංචිව සිටින 7 හැවිරිදි දරුවෙකු රුපියල් 100ක් අතැතිව (31) පස්වරු 6ට පමණ වෙළෙඳසැලකට ගොස් තිබුණි.
ඒ පියාට ජංගම දුරකථන කාඩ්පතක් මිලදීගැනීම සඳහාය.
එම අවස්ථාවේදී දරුවාට මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ලවී තිබුණි.
දරුවාගේ මව පවසන්නේ දරුවා අතැතිව තිබූ රුපියල් 100 ඉල්ලා එම පුද්ගලයා දරුවාට ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවය.
කෙසේවෙතත්, මේ අවාසනාවන්ත සිද්ධියෙන් දරුවාගේ උරහිස් දෙකට දරුණු කැපුම් තුවාල සිදුවී තිබුණි.
Aruna